May 5, 2014

MySQL Sinhala Lesson 03 (MySQL සිංහල පාඩම් මාලාව 03)

MySQL සිංහල පාඩම් මාලාව 03








MySQL භාවිතාකර Table හදමු

අපි කලින් Database හැදුවා ඒක Open  කරගන්න වෙනව Table හදන්න. මෙම Command එක දුන්නාම අපිට පුළුවන් Database Eka ඇතුලට යන්න

USE <DATABASE NAME>
Eg: mysql>USE mydb; [Press Enter]






එවිට ඉහත පරිදි Result Eka දිස්වෙනව
ඉහත රූප සටහනේ පෙන්නුම් කර ඇත්තේ සිසුන්ගේ විස්තර රැගත් වගුවකි.

එය නිර්මාණය කිරීමට අවශ්‍ය දෙයක් තමයි දත්ත වර්ග (Data Type)

  • CHAR  - අකුරු 254 ක් වන තුරු ගබඩාකළ හැක Format: CHAR(5)
  • VARCHAR  - අකුරු 65535 ක් වන තුරු අකුරු සහ වචන ගබඩාකළ හැක Format: VARCHAR(15)
  • TEXT  - අකුරු සහ වචන විශාල ප‍්‍රමාණයක්  ගබඩාකළ හැක
  • INT - පූර්ණ සංඛ්‍යා ගබඩාකළ හැක Format: INT(11)
  • DECIMAL - දශමසංඛ්‍යා ගබඩාකළ හැක Format: DECIMAL(10,2)
  • TIME  - වෙලාව ගබඩාකළ හැක Format: HH:MM:SS
  • DATE - දිනය ගබඩාකළ හැක Format: YYYY-MM-DD
  • TIMESTAMP  - රෙකොඩ් එක ගබඩාවෙන වෙලාව සවයංක‍්‍රීයව ගබඩාකළ හැක
හරි අපි බලමු මේ වගුව නිර්මාණය කරන්න. ඒකෙදි මුලින්ම  හඳුනගන්න වෙනව

std_id field(Column) එකට අකුරකුයි ඉලක්කම 4ක් යොදල තියෙනව එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 5 ක් කියල දෙනන පුලූවන් 

std_name field(Column) එකට නමක් නිසා අකුරු යොදාගන්න පුලූවන් එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR  තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 30 ක් කියල දෙනන පුලූවන්

address field(Column) එකට ලිපිනයක් නිසා අකුරු යොදාගන්න පුලූවන් එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR  තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 200 ක් කියල දෙනන පුලූවන්

dob field(Column) එකට උපන්දිනය ඇතුලත් කරන නිසා දිනයක් ගබඩාකරන එක Data Type Eka වෙන Date තොරගන්න පුලූවන්

gender field(Column) එකට අකුරු 6ක් යොදාගනී හෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR  තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 6 ක් කියල දෙනන පුලූවන්

හරි දැන් අපි Data Type හඳුනගත්තා දැන Table eka හදමු
Syntax
CREATE TABLE <TABLE NAME> (
      -> <FIELD_NAME_1> <DATA TYPE>,
      -> <FIELD_NAME_2> <DATA TYPE>,
      -> <FIELD_NAME_3> <DATA TYPE>,
      -> <FIELD_NAME_4> <DATA TYPE>,
      -> <LAST_FIELD_NAME> <DATA TYPE>
      -> );

මෙන්න මේ විදියට Command  දෙන්න

mysql>CREATE TABLE student(
              -> std_id VARCHAR(5),
              -> std_name VARCHAR(30),
              -> address VARCHAR(200),
              -> dob DATE,
              -> gender VARCHAR(6)
              -> );

සමහර විට මේක ගහනකොට වරදින්න පුලූවන් එහෙම උනොත් වැරදි අකුරු කිහිපයක් ටයිප් කරල (;)සෙමිකෝලන් මාක් එක ටයිප් කරල එන්ටර් (Enter) කරන්න.


දැන් වගුව නිර්මාණය කරල ඉවරයි එක තියනවද බලන්න පහත Command එක දෙන්න

SHOW TABLES;


දැන් අපි හැදු Table එකෙහි Structure එක බලාගන්න හදන්නෙ එකට මේ Command එක දෙන්න
Syntax:
DISCRIBE <TABLE NAME>;

mysql>DISCRIBE student;







අපි මීලග පාඩමෙන් ඉගෙනගමු Table එකට දත්ත දාන්න, වෙනස් කරන්න, සොයන්න සහ Delete කරන්න.