Showing posts with label MySQL. Show all posts
Showing posts with label MySQL. Show all posts

Sep 29, 2014

MySQL and JAVA Data Connection Sample Project


 
This is the sample program for learn MySQL And Java Database Connectivity and Manipulating Data. I used DDL For Creating Database and Tables  and DML for Manipulating Data. If you run this first time it execute DDL Commands and create Database and Tables. after you can INSERT, UPDATE, FIND, DELETE Data with command buttons. very simple code.

here download links 

Source Files
Executeble Files
SQL File



May 5, 2014

MySQL Sinhala Lesson 03 (MySQL සිංහල පාඩම් මාලාව 03)

MySQL සිංහල පාඩම් මාලාව 03








MySQL භාවිතාකර Table හදමු

අපි කලින් Database හැදුවා ඒක Open  කරගන්න වෙනව Table හදන්න. මෙම Command එක දුන්නාම අපිට පුළුවන් Database Eka ඇතුලට යන්න

USE <DATABASE NAME>
Eg: mysql>USE mydb; [Press Enter]






එවිට ඉහත පරිදි Result Eka දිස්වෙනව
ඉහත රූප සටහනේ පෙන්නුම් කර ඇත්තේ සිසුන්ගේ විස්තර රැගත් වගුවකි.

එය නිර්මාණය කිරීමට අවශ්‍ය දෙයක් තමයි දත්ත වර්ග (Data Type)

  • CHAR  - අකුරු 254 ක් වන තුරු ගබඩාකළ හැක Format: CHAR(5)
  • VARCHAR  - අකුරු 65535 ක් වන තුරු අකුරු සහ වචන ගබඩාකළ හැක Format: VARCHAR(15)
  • TEXT  - අකුරු සහ වචන විශාල ප‍්‍රමාණයක්  ගබඩාකළ හැක
  • INT - පූර්ණ සංඛ්‍යා ගබඩාකළ හැක Format: INT(11)
  • DECIMAL - දශමසංඛ්‍යා ගබඩාකළ හැක Format: DECIMAL(10,2)
  • TIME  - වෙලාව ගබඩාකළ හැක Format: HH:MM:SS
  • DATE - දිනය ගබඩාකළ හැක Format: YYYY-MM-DD
  • TIMESTAMP  - රෙකොඩ් එක ගබඩාවෙන වෙලාව සවයංක‍්‍රීයව ගබඩාකළ හැක
හරි අපි බලමු මේ වගුව නිර්මාණය කරන්න. ඒකෙදි මුලින්ම  හඳුනගන්න වෙනව

std_id field(Column) එකට අකුරකුයි ඉලක්කම 4ක් යොදල තියෙනව එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 5 ක් කියල දෙනන පුලූවන් 

std_name field(Column) එකට නමක් නිසා අකුරු යොදාගන්න පුලූවන් එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR  තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 30 ක් කියල දෙනන පුලූවන්

address field(Column) එකට ලිපිනයක් නිසා අකුරු යොදාගන්න පුලූවන් එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR  තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 200 ක් කියල දෙනන පුලූවන්

dob field(Column) එකට උපන්දිනය ඇතුලත් කරන නිසා දිනයක් ගබඩාකරන එක Data Type Eka වෙන Date තොරගන්න පුලූවන්

gender field(Column) එකට අකුරු 6ක් යොදාගනී එහෙනම් අපිට ඒකට Data Type විදියට VARCHAR  තොරගන්න පුලූවන් ඒවගේම Length එක අකුරු 6 ක් කියල දෙනන පුලූවන්

හරි දැන් අපි Data Type හඳුනගත්තා දැන Table eka හදමු
Syntax
CREATE TABLE <TABLE NAME> (
      -> <FIELD_NAME_1> <DATA TYPE>,
      -> <FIELD_NAME_2> <DATA TYPE>,
      -> <FIELD_NAME_3> <DATA TYPE>,
      -> <FIELD_NAME_4> <DATA TYPE>,
      -> <LAST_FIELD_NAME> <DATA TYPE>
      -> );

මෙන්න මේ විදියට Command  දෙන්න

mysql>CREATE TABLE student(
              -> std_id VARCHAR(5),
              -> std_name VARCHAR(30),
              -> address VARCHAR(200),
              -> dob DATE,
              -> gender VARCHAR(6)
              -> );

සමහර විට මේක ගහනකොට වරදින්න පුලූවන් එහෙම උනොත් වැරදි අකුරු කිහිපයක් ටයිප් කරල (;)සෙමිකෝලන් මාක් එක ටයිප් කරල එන්ටර් (Enter) කරන්න.


දැන් වගුව නිර්මාණය කරල ඉවරයි එක තියනවද බලන්න පහත Command එක දෙන්න

SHOW TABLES;


දැන් අපි හැදු Table එකෙහි Structure එක බලාගන්න හදන්නෙ එකට මේ Command එක දෙන්න
Syntax:
DISCRIBE <TABLE NAME>;

mysql>DISCRIBE student;







අපි මීලග පාඩමෙන් ඉගෙනගමු Table එකට දත්ත දාන්න, වෙනස් කරන්න, සොයන්න සහ Delete කරන්න.




May 4, 2014

MySQL Sinhala Lesson 02 (MySQL සිංහල පාඩම් මාලාව 02)

MySQL සිංහල පාඩම් මාලාව 02














කොහොමද MySQL Command Prompt එකට යන්නෙ

Start --> Run ගිහිල්ල CMD කියල ටයිප් කරල OK කරන්න

එකේ මෙන්න මෙක ටයිප් කරන්න

mysql -u root -p

Enter කරන්න.

මෙකෙ Password තියෙන තැන Install කරද්දි Password දුන්නනම් ඒක Type කරන්න නැත්තම Enter කරන්න.


එවිට පහත පරිදි mysql command prompt එකට එ්වි දැන් ඉතින් Database හදන්න තමයි ති ෙයන්ෙන.



කොහොමද ඩේටාබේස්(Database) එකක් හදාගන්නේ

ෙමෙහමයි Database හදන්ෙන ෙම් Command එක දීල Enter කරන්න.

Code:
CREATE DATABASE mydb;
හොඳට මතක තියාගන්න සෙමි කොලන් මාර්ක්(;) එක අන්තිමට ටයිප් කරන්න ඔන

මෙහි mydbවෙනුවට ඔයාල හදන Database eke නම දෙන්න එය Space රහිතව දෙනන පහත උදාහර බලන්න.

mydb
my_db
stock_control

දැන් අපි බලමු හදපු Database බලන්නෙ කොහොමද කියල

Code:
SHOW DATABASES;


මෙන්න මෙක ටයිප් කරල එන්ටර් ඔබන්න. එතකෙට මේ වගේ සියළු Database ටික පෙන්වාවි



මෙන්න මෙහෙමයි Database eka Delete කරන්නෙ
මෙන්න මේ Command Eka දෙන්න. හැබැයි මැකුවට පස්සෙ ආපහු ගන්න බෑ.

Code:
DROP DATABASE mydb;
මම හිතනව මේක ගොඩක් වටිනව කියල. ඊලග දවසෙ අපි Table හදන්නෙ කොහොමද කියල බලමු

මෙෙග් කලින් Post ෙමතනින් යන්න

MySQL Sinhala Lesson 01 (MySQL සිංහල පාඩම් මාලාව 01)






May 3, 2014

MySQL Sinhala Lesson 01 (MySQL සිංහල පාඩම් මාලාව 01)

MySQL සිංහල පාඩම් මාලාව 01



MySQL Computer එකට දාගන්නේ කොහොමද ?

මෙන්න මෙහෙමයි කරන්නේ

Step 01
MySQL Server ඩවුන්ලෝඩ් කරගන්න.
ෙමම ලින්ක් එකෙන් පුළුවන් ඒක ගන්න



 Download



Download කරගත්ත Setup File එක Open කරන්න. පහත රූපසටහන් අනුව Install කරගෙන යන්න.




























මේකෙ තියෙන Include Bin Directory in Windows PATH එකට හරිය දාන්න නැත්නම් ඔනමතැනක ඉඳන් CMD(Command Prompt) එකේ mysql command ගහල යන්න බැරි වෙනව mysql bin ෆෝල්ඩර් එකට ගිහින් mysql command දෙනන වෙන්නේ එක නිසා හරිය දාන්න.


















මේකෙ දෙන පාස්වර්ඩ් එන මතක තියාගන්න එක ඔනවෙනව ලොග් වෙන්න. මේක හිස් තිව්වොත් පාස්වර්ඩ් එකක් තැතිව ස්ථාපනය(Install) වෙනව



















දැන් හරි Install වෙලා ඉවරයි දැන් පාවිච්චි කරන්න පුළුවන්.
මම ඊලග පාඩමෙන් කියල දෙන්නම් කොහොමද MySQL මගින් Database හදන්නෙ කොහොමද කියල.